User Login



Whose Online

We have 1 guest online
PDF Print E-mail
Written by Administrator   
Wednesday, 01 June 2016 18:54

වර්තමාන විදුහල්පතිනියගේ පණිවුඩය

මාර / දෙනිපිටිය ආදර්ශ විද්‍යාලය මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස කලාපයේ වැලිපිටිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් ඉතා ජනප්‍රිය ප්‍රාථමික විද්‍යාලයකි. තුන්පැත්තකින් සුන්දර පොල්වතුමෝදර නිදියෙන් වටවූ අනාදිමත් කාලයක සිට ඉතා ප්‍රසිද්ධ දෙනිපිටියේ නුගරුක හා න්‍යග්‍රෝධාරාම විහාරයේ බෝසමිදු සෙවනේ සිසිල ලබන මෙම පින් බිම 1958 ජනවාරි මස ආරම්භ වූවකි. වර්තමානයේදී මෙම පාසලේ 1 ශ්‍රේණියේ සිට 3 ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති 15ක පුංචි සිසු දරුදැරියෝ 722ක් ඉලෙනුම ලබති. අකුරැස්ස කලාපයේ ප්‍රාථමික පාසල් අතරින් ඉහළම සාධන මට්ටමක් පෙන්වන මෙම පාසලේ 01 ශ්‍රේණියට ඇතුළත් වීම සදහා ඉහළ ඉල්ලුමක් ඇත.

Last Updated on Sunday, 12 June 2016 18:44
Read more...
 
PDF Print E-mail
Written by Administrator   
Sunday, 12 June 2016 18:46

ශිෂ්‍ය නායක අභිශේක මංගල්‍යය 2016

ආරාධනා!

පුංචි පා පොඩි තබා පෙරට....ම ඇවිද යන්නට මේ බිමේ සවිය ගනු මැන

විදු මෑණියනි හෙට ලෝකය ජය ලබන්නට අවැසි නායකයින් ලෙසේ....

දෙනිපිටිය ආදර්ශ විදුහලේ ශිෂ්‍ය නායක අභිශේක මංගල්‍යය

වර්ෂ 2016.06.10 දින පෙ.ව. 9.30ට

ගරු අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මැතිදුන්ගේ

සහභාගීත්වයෙන් විද්‍යාලීය එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ

 

 

 

Last Updated on Sunday, 12 June 2016 19:46
 
PDF Print E-mail
Written by Administrator   
Saturday, 29 March 2014 01:55

පාසලේ පිහිටීම

''''

Last Updated on Saturday, 29 March 2014 02:10
 
PDF Print E-mail
Written by Administrator   
Thursday, 27 March 2014 06:08

 

දැක්ම

දකුණු පළාතේ විශිෂ්ඨතම පාසල බවට පත්වීම.

මෙහෙවර ප්‍රකාශය

සාරධර්ම සහ නිපුණතා පරිපූර්ණ සෞඛ්‍ය සම්පන්න මනා පෞරුෂයෙන් හෙබි සිසු පිරිසක් ද්විතියික අධ්‍යාපනයට දායාද කිරීම.

 

 

Last Updated on Sunday, 12 June 2016 19:07
 
PDF Print E-mail
Written by Administrator   
Friday, 28 March 2014 07:02

පාසල් ගීතය

ඈත අතීත සොබා ගුණ පෑ -  දෙනිපිටිය නුග සෙවනේ

දෑ අභිමාන නගා සුරැකේවා - විදුහල් මව නිතිනේ

මව් ඇකයේ සිට මුලකුරු කියවූ

මිණිකැට සේ දිලෙනා

ළදරු පාසලේ දරු දැරියෝ වෙමු

මතු පරපුර රකිනා

ඈත අතීත සොබා ගුණ පෑ .....//

දැනුම කුසලතා හැඟුම් පුබුදුවා

ජාතිය රකින ලෙසේ

නෙත සිත පිනවු අරුමය සිහිවී

ඔබ ගුණ ගයමු මෙසේ

ඈත අතීත සොබා ගුණ පෑ .....//

පොල්වතු ඔය සතු සීත සුළං රැළි

නිරතුරැ ගතට වැදේ

ඒ සිසිලෙන් රට දැය හා සමයද

අප සිත දැඩිව බැදේ

ඈත අතීත සොබා ගුණ පෑ .....//

Last Updated on Friday, 28 March 2014 07:07
 


Designed by : Amila Weerasekera (Graduate IT Teacher).